මෑතින් තෙරක් නොපෙනෙන නිල්වන් කෙතය
පසෙකින් සයුර පරයන මහ දිය ගැබය
ඈතින් අහස් කුස නැගි සුවිසල් සෑය
පසෙකින් සයුර පරයන මහ දිය ගැබය
ඈතින් අහස් කුස නැගි සුවිසල් සෑය
අරුමයක් නොවෙද මෙලෙසින් මා දකින
අතීතයේ සිට ලොව කිතුගොස බැන්දූ
දස්කම්,විස්කම් පාමින් මුළු ලොව හෙල්ලූ
රන්වන් ලෙයින් දා කඳුලින් ගොඩ නැංවූ
ජාතිය නොවෙද සිංහල අප නම රැන්දූ
තම වෙත පැමිණි රුපු බල නොම දණ නැවුනා
එක්සිත්, එක්සේසත් ලෙස යුධ වැදුනා
සියලුම සතුරු බල එලෙසින් ජයගත්තා
විරුවන් එලෙස අප ජාතිය රැකගත්තා
අප සතු දැනුම පමණක් සැමවිට සවිය
කරගෙන මෙලෙස එයමම අප නිති දිරිය
නුවණින් දියුණු කර මෙලෙසින් ගෙන විරිය
පෙන්වන ලදි ලොවට අපගේ සුවිසල් බලය
පැරකුම්, රවණා විරුවන් කල ලෙසට
නව ලොව ජය ගතයුතු කල එළඹ ඇත
නොමකර කිළිටි සීහල ලෙය අප සැවොම
නව ලොව නවමු ලෙස ජයගමු එකමුතුව
අතීතයේ සිට ලොව කිතුගොස බැන්දූ
දස්කම්,විස්කම් පාමින් මුළු ලොව හෙල්ලූ
රන්වන් ලෙයින් දා කඳුලින් ගොඩ නැංවූ
ජාතිය නොවෙද සිංහල අප නම රැන්දූ
තම වෙත පැමිණි රුපු බල නොම දණ නැවුනා
එක්සිත්, එක්සේසත් ලෙස යුධ වැදුනා
සියලුම සතුරු බල එලෙසින් ජයගත්තා
විරුවන් එලෙස අප ජාතිය රැකගත්තා
අප සතු දැනුම පමණක් සැමවිට සවිය
කරගෙන මෙලෙස එයමම අප නිති දිරිය
නුවණින් දියුණු කර මෙලෙසින් ගෙන විරිය
පෙන්වන ලදි ලොවට අපගේ සුවිසල් බලය
පැරකුම්, රවණා විරුවන් කල ලෙසට
නව ලොව ජය ගතයුතු කල එළඹ ඇත
නොමකර කිළිටි සීහල ලෙය අප සැවොම
නව ලොව නවමු ලෙස ජයගමු එකමුතුව
No comments:
Post a Comment