නිසලව ගලනා මුදු සිහිලැලි ගඟුල
දසතින් ඇසෙනා නන් විහඟුන් නාද
නීල හරිත වන පෙත ගයි නෙත් පැහැර
දසතින් ඇසෙනා නන් විහඟුන් නාද
නීල හරිත වන පෙත ගයි නෙත් පැහැර
ගෙනදෙයි අසිරිය මෙලෙසින් මුළු ගමට
සැමකල් සුපිපි වනමල් එහි ඇත බොහොම
පතුරයි සුවඳ ලොව හැම අත නොමඳ ලෙස
රන්වන් බඹරු එහි කැරකී වට බොහොම
කන්කළු මියුරු ගී නද පතුරති සැමත
සුදුමුදු ගල් තලා මතින් වැටෙනා දිය දහර
සැම දන පවස නිව දුනි අමයුරු රසින
තැන තැන සැදුණු දං,බෝවිටි වන් බොහොම
සැමගේ කිස පුරවා දුනි නොම ලොබින
පෙනෙනා තෙරක් නොපෙනෙන රන්වන් යාය
පසෙකින් සවිය දෙන සුවිසල් වැවු තලය
ඈතින් අහස් කුස නැගි සුවිසල් සෑය
දකිනා විටදි මා හද සනසයි බොහොම
නන් නන් දනා නිතොරම ගම වෙත ආවා
පැමින එහිම අසිරිය හැම විඳ ගත්තා
අසිරිය විඳ නිති එය ගැන බස් දෙඩුවා
අසිරිය නොවිඳි අය වෙත ඇරයුම තැබුවා
සැමකල් සුපිපි වනමල් එහි ඇත බොහොම
පතුරයි සුවඳ ලොව හැම අත නොමඳ ලෙස
රන්වන් බඹරු එහි කැරකී වට බොහොම
කන්කළු මියුරු ගී නද පතුරති සැමත
සුදුමුදු ගල් තලා මතින් වැටෙනා දිය දහර
සැම දන පවස නිව දුනි අමයුරු රසින
තැන තැන සැදුණු දං,බෝවිටි වන් බොහොම
සැමගේ කිස පුරවා දුනි නොම ලොබින
පෙනෙනා තෙරක් නොපෙනෙන රන්වන් යාය
පසෙකින් සවිය දෙන සුවිසල් වැවු තලය
ඈතින් අහස් කුස නැගි සුවිසල් සෑය
දකිනා විටදි මා හද සනසයි බොහොම
නන් නන් දනා නිතොරම ගම වෙත ආවා
පැමින එහිම අසිරිය හැම විඳ ගත්තා
අසිරිය විඳ නිති එය ගැන බස් දෙඩුවා
අසිරිය නොවිඳි අය වෙත ඇරයුම තැබුවා
No comments:
Post a Comment