අතීතයේ සිට එන පෙරදිග සුළඟ
සෑම දිනම සිප සැනසෙයි උදෑසන
නොවුවත් මෑත තම සග හිත මිතුරු කැල
ලඟම සිට දැනෙයි ගතකල සැම මොහොත
පෙර පෑයූ හිරු මේ හිරුමම නොවෙද
පෝයට පායන සඳ මෙයමම නොවෙද
රෑ අහසේ දිලි තරු කැට එලෙසමය
නොදැනිනි මෙලෙස වෙනසක් මුල් මස ඔහුට
කල් කල් යත්ම නව දිවියට හුරු වුවා
ඔහු සතු අඩුව හුදකලාව බව දුටුවා
තම සග මිතුරු කැල නිතරම මතක් වුවා
එනමුදු පෙරට අරමුණ ගෙන දිවි ගෙවුවා
සරි කර සියලු වැඩ කටයුතු තම එරට
සිටියත් එලෙස නොම අමතක කර මෙරට
කළයුතු යමක් වූයේ නම් වෙතින් තම
නිතරම පැමිණ කර දුනි නොම ලොබක් ගෙන
ඇම පමණකුදු මේ ලොව සැම තතු දන්නා
උතුමන් සැම කල්හිම අප රට උන්නා
අතැඹුල ලෙස ගෙන එය සැම හට දුන්නා
පෙරටම ගෙන ගියා රට කිතු ගොස බන්දා
සෑම දිනම සිප සැනසෙයි උදෑසන
නොවුවත් මෑත තම සග හිත මිතුරු කැල
ලඟම සිට දැනෙයි ගතකල සැම මොහොත
පෙර පෑයූ හිරු මේ හිරුමම නොවෙද
පෝයට පායන සඳ මෙයමම නොවෙද
රෑ අහසේ දිලි තරු කැට එලෙසමය
නොදැනිනි මෙලෙස වෙනසක් මුල් මස ඔහුට
කල් කල් යත්ම නව දිවියට හුරු වුවා
ඔහු සතු අඩුව හුදකලාව බව දුටුවා
තම සග මිතුරු කැල නිතරම මතක් වුවා
එනමුදු පෙරට අරමුණ ගෙන දිවි ගෙවුවා
සරි කර සියලු වැඩ කටයුතු තම එරට
සිටියත් එලෙස නොම අමතක කර මෙරට
කළයුතු යමක් වූයේ නම් වෙතින් තම
නිතරම පැමිණ කර දුනි නොම ලොබක් ගෙන
ඇම පමණකුදු මේ ලොව සැම තතු දන්නා
උතුමන් සැම කල්හිම අප රට උන්නා
අතැඹුල ලෙස ගෙන එය සැම හට දුන්නා
පෙරටම ගෙන ගියා රට කිතු ගොස බන්දා
No comments:
Post a Comment